Friday, 19 April 2024

බෞද්ධ ධර්මාචාර්ය විභාගය ලබන 28, 29 සහ නොවැම්බර් 05 යන දිනවල

Posted On Tuesday, 24 October 2017 06:29

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2016 (2017) ලබන 28, 29, සහ නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 148 කදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 21,760 ක් පෙනී සිටිති.


සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 12 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා දන්වා සිටියි.


දුරකථන අංක - 0112 78 52 30 / 0112 17 70 75

ක්ෂණික ඇමතුම් - 1911 (පැය 24 පුරා)