Thursday, 28 March 2024

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

Posted On Monday, 23 October 2017 05:57

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් උදැසන කාලයේ දී   වැසි ඇති විය හැකි බවත්  කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථාන වලට තරමක් තද වැසි (මිලී මීටර් 50-75 පමණ) ඇති වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.