Wednesday, 24 April 2024

ඉදිරිදිනවලදී තද වැසි සමඟ සුළං

Posted On Monday, 16 October 2017 05:19

දිවයිනට ඊශාන දෙසින් පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් ඉදිරි දිනවලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට වයඹ දෙසට ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 


මේ හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කරන බවත් පවසයි.
 
සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30 - 40 ක් පමණ වේ.
 
පුත්තලම සිට කන්කසන්තුරය  හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් 60 - 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
 
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ඉතා තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික ඉතා රළු විය හැක.