Friday, 19 April 2024

සහන මිලට පොල් බෙදාහැරීම ඇරඹේ

Posted On Tuesday, 03 October 2017 05:30

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය මෙහෙයවන සහන මිලට පොල් බෙදාහැරීමේ දීප ව්‍යෘප්ත වැඩසටහනේ සමාරම්භය අද (02) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය.
 


ඒ අනුව රුපියල් 65ක් වැනි සහන මිලට පොල් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම වැඩසටහන යටතේ සංචාරක ලොරි රථ මගින් කොළඹ හා තදාසන්න ස්ථාන 40ක පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් ලොරි රථ හරහා පොල් අළෙවි කිරීම සිදු කෙරේ. එමෙන් ම හෙට (03) සිට සතොස අළෙවි සැල් හරහා ද ජනතාව වෙත රුපියල් 65ක මිලට පොල් ලබාදීම ක්‍රියාත්මක කෙරේ.
 
පොල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවමින් පාරිභෝගිකයා අතට පත්වන මෙම පොල් මාෆියාව අඩපන කිරීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් වතුවල මෙන් කප්රුප සමිති සමාජිකයන්ගේ පොල් මෙලෙස සහන මිලට අළෙවි කිරීමට පියවර ගත් බවත් මෙම වැඩපිළිවෙළලේ දී අතරමැදියන්ගෙන් තොරව ජනතාව වෙත පොල් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.
 
එමෙන් ම මෙහිදී එක් පුද්ගලයෙකු සඳහා උපරිම වශයෙන් පොල් ගෙඩි 10ක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර වෙළෙඳසැල් හිමියන් වෙත පත්වීම වැළැක්වීම සඳහා වර්ණ ගැන්වීමක් ද සිදු කොට ඇත.