Saturday, 20 April 2024

නව අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙක් පත් කෙරේ

Posted On Tuesday, 03 October 2017 05:29

මාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.


ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ සිසිර කුමාර මහතා ද ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.