Friday, 29 March 2024

ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය 2017 අද සිට

Posted On Friday, 29 September 2017 07:41

ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය  2017 වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (29) පැවැත්වේ. සාහිත්‍ය කලා මහෝත්සවය අද සිට හෙට(30), අනිද්දා (01)  දක්වා තෙදිනක් පුරා  පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.


මෙහිදී දේශනේතෘ සම්මාන ප්‍රදානය, අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ සම්මාන ප්‍රදානය ඇතුළුව ''කෙතක වරුණ'' ජනකවි ආශ්‍රිත ප්‍රසංගය, කෝලම් නර්තනාංග ඇසුරෙන් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ද පැවැත්වේ.

එමෙන් ම  ''උරුම මග'' ජනගී කණ්ඩායම දොරට වැඩුම  සහ ප්‍රවීන නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති මහතාගේ ''සේතු'' රසවින්දන වැඩසටහන ද පැවැත්වේ.