Friday, 19 April 2024

දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹේ

Posted On Monday, 18 September 2017 05:42

අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


ඒ අනුව සැප්තැම්බර් 18 අද සිට 22 දක්වා මෙම සතිය ක්‍රියාත්මක කෙරේ. මෙම සතිය පුරා සිදුවන විවිධ අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමත්‍යංශය,පොලීසිය ඇතුළු අනෙකුත් අයතන අබලපොරොත්තු වෙයි.
අනතුරු නිවාරණ සතියේ දී එක් එක් දින විවිධ අනතුරු  සිදුව්න ස්ථන අනුව වෙන් කර ගෙන තිබේ.

සැප්තැම්බර් 18 දිනය මර්ග අනතුරු වැළැක්වීමේ දිනය, සැප්තැම්බර් 19 දිනය සේවා ස්ථනයන්හි අනතුරු වැලැක්වීමේ දිනයයි. සැප්තැම්බර් 20 දිනය නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි.සැප්තැම්බර් 21පෙර පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි. සැප්තැම්බර් 22 දිනය පසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි.

වෛද්‍යවරු පෙන්වා දෙන ආකාරයට රෝහල්ගතවීම්වලින් ප්‍රධන හේතු සාධකය අනතුරු බව පවසයි.මිලියනයකට අධික ජනතාවක් විවිධ අනතුරු නිසා රෝහල්ගත වන බවද වෛද්‍යවරු පවසයි. අනතුරු හේතුවෙන් වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වෙයි.