Thursday, 28 March 2024

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ඇරඹේ

Posted On Friday, 15 September 2017 04:42

සෑම වසරකම සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පවිත්‍රා දින ජාතික සැමරුම් උත්සවය අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයෙන් ආරම්භ කෙරේ.
 


සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය  හෙට සිට ලබන 22දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාලය තුළ දී වෙරළ හා සමුද්‍රීය පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සිදු කෙරේ.
 
මහවැලි හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව 2016 වසරේ සිට සෑම වසරකම අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.
 
සියලු ම වෙරළබඩ දිස්ත්‍රික්කවල අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල හා පාසැල් සිසුන්ගෙන් සමන්වත 1500ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.