Saturday, 20 April 2024

මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සුළඟ වැඩිවෙයි

Posted On Friday, 15 September 2017 04:37

දිවයින හරහා(විශේෂයෙන්උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල)සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩිවීමක්  හෙට සිට (16)  බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සබරගමුව,බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ උතුරු පළාත හරහා විටින්විටහමන (පැ.කි.මී40-50 පමණ) තරමක් තදසුළං බලාපොරොත්තුවේ.