Saturday, 20 April 2024

රේගු දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 10 දා

Posted On Wednesday, 06 September 2017 05:23

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය  - 2017 විභාගය  ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති  බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි.


ඒ සඳහා   සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 30 වන දින තැපැල් කොට යවා ඇති අතර යම් විමසීමක් වෙතොත් 0112 78 52 30 / 0112 177 075 හෝ 1911 (පැය 24 පුරා) යන දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස කොමසාරිස්වරයා වැඩිදුරටත්  පවසයි.