Thursday, 28 March 2024

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

Posted On Monday, 21 August 2017 05:06

හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.

 
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්විම් ලබන 2 වන නාවික හමුදාධිපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය. මෙයට පෙර 2005 වසරේදී මෙහි ප්‍රධානී ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා කටයුතු කර ඇත. එමෙන්ම එම ධූරයට පත්වන 7 වන ත්‍රිවිධ හමුදා ප්‍රධානී වශයෙන්ද ඔහු ඉතිහාසයට එක් වේ. තවද, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සිටින ඉහළම නිලය වන්නේද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.