Thursday, 28 March 2024

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

Posted On Thursday, 17 August 2017 04:34

ඉදිරි දින කීපයේ දී (විශේෂයෙන් 18 සහ 19 දිනවලදී) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.


දිවයින හරහා (විශේෂයෙන් ඌව පළාත සහ යාපනය, මන්නාරම, කෑගල්ල, අවිස්සාවේල්ල, මාදුරුඔය, හම්බන්තොට සහ පොතුවිල ප්‍රදේශවල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වලත්,ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බවද අද (17) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.