Tuesday, 16 April 2024

සියලුම රාජ්‍ය ආයතන සූර්ය බලාගාරයක් වෙයි

Posted On Wednesday, 09 August 2017 06:26

සියලුම රාජ්‍ය ආයතන වහල සූර්ය බලාගාරයක් බවට පත් කිරීම සඳහා ගියවර අයවැය ලේඛනයෙන් හා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


සුර්යබල සංග්‍රාමය මේ දවස්වල ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන අතර  ගෙවල් ලක්ෂ 10ක වහලවල් සුර්යබලාගාර බවට පත් කිරීම ඉලක්ක වී තිබෙන බවත් ඒ සඳහා ජනතාව උනන්දු කරවීම සිදු කරන බවත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

"අනෙක් ආසියානු රටවල් එක්ක සාපේක්ෂව බලද්දි අපේ රටේ අධ්‍යාපනය ඉහල මට්ටමක තියෙනවා. අපිට ප්‍රශ්ණයක් තියෙනවාල අද අධ්‍යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තියෙනවා. උපාධිධාරින් ලක්ෂයකට රැකියා දුන්නා මීට අවුරුදු 5කට කලින්, කොහොම වුණත් දැන් ආයෙමත් ඒ වගේම උපාධිධාරින් සිටිනවා. මේ දේවල් මෙහෙම වෙන්නේ  අධ්‍යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තිබිය යුතුයි. හැම අධ්‍යාපන ක්ෂේත්‍රයකම අවසානයම රැකියාවක් විය යුතු නැහැ. එහෙම වුණොත් ලෝකේ ඉස්සරහට යන්නේ නෑ. කලාකරුවෝ, දාර්ශනිකයෝ ආදී විවිධ ක්ෂේත්‍ර තිබිය යුතුයි. බහුතරයක් රැකියා අභිමුඛ අධ්‍යාපන ක්ෂේත්‍රයක් පැවතුණොත් මේ පවතින පරස්පරය ඇති වෙන් නැහැ. ලෝකේ බෝහෝ රටවල අධ්‍යාපනය අද ඒ තැනට යොමු කරගෙන තියෙනවා. රැකියා පෝලිමක් නෑ. රැකියා විරහිත උපාධිධාරි සංගම් බිහිවෙන්න අවශ්‍ය නැහැ. එයට අපේ රටේ කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවන් තාක්ෂණික පැත්තට යොමු කිරීම. මෙය ඒ දවස්වල ගත්ත හොඳම ප්‍රයෝගික තීරණයක්. මෙය ලෙහෙසි දෙයක් නෙමෙයි රාජ්‍ය ප්‍රත්පත්තියක් වෙනස් කරලා අපි සියලු දෙනාගේ එකතුවෙන් කරන දෙයක්. මෙය එක් පියවරක් වුණා තාක්ෂණය රටටල දරුවන්ට ලබාදෙනවා වගේම ජනප්‍රිය පාසල් කරා ඇදීමට තියෙන උත්තරයක් වශයෙන්. ජනප්‍රිය නොවන පාසල් වලට තමයි තාක්ෂණික විද්‍යාගාර දෙන්නේ. ඒ නිතීය වෙනස් කරන්න බැහැ. මෙහි අභිමතාර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි තාක්ෂණය ඉගැන්වීම අනිත් එක තමයි රටේ දැවැන්ත තරඟයට පිළිතුරක් ලබා දීම." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.