Thursday, 28 March 2024

සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි ඉඩකඩක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Tuesday, 08 August 2017 06:08

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින්බරව පවති. රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවන අතර මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිවු, බදුල්ල, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල(මි.මි.75පමණ) තරමක තද වැසිද බලාපොරොත්තු විය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක්තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.