Thursday, 18 April 2024

ශ්‍රී ලාංකික සිසුන් ට චීන රජයෙන් ශිෂ්‍යත්ව

Posted On Tuesday, 08 August 2017 03:48

චීන රජය මගින් මෙරට සිසු සිසුවියන්ට පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන අකණ්ඩව ඉදිරියට ගෙනයමින්  මෙම වසරේ ශ්‍රී ලාංකික සිසුන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා .

මෙරට චීන තානාපති කාර්යාලයට ලැබුණු අයදුම්පත් විශාල සංඛ්‍යාවකින් තෝරාගත් සිසු සිසුවියන් 18 දෙනෙකුට  මෙසේ ශිෂ්‍යත්ව  ප්‍රධානය කිරීම පසුගිය 02නිදා චීන තානාපති කාර්යාලයේදී

තානාපති යී ක්ෂීයෑන්ග්ලියෑන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.

ඒ අනුව එම ශිෂ්‍යත්ව හිමි සිසු සිසුවියන්ට චීනයේ නේවාසිකව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවෙනවා

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේඛම් මාධව දේවසුරේන්ද්‍ර මහතාද එක්වී සිටියා.

චීනයේ ඉගනීමට අවස්ථාවක් ලබා ගැනීමට මෙරට සිසු සිසුවියන් බොහෝ උනන්දු බවත් ඉදිරියේදී මීට වඩා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනැමීමට බලාපොරොත්තුවන අතර

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා  චීනය විශාල සහයෝගයක් ලබා දී ඇති බවත්

වසර දෙදහසකට වඩා පැරණි චීන ශ්‍රී ලංකා මුතුදම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්  චීන තානාපති  කාර්යාලය කියා සිටියා.