Friday, 19 April 2024

ජාතික පිච්ච මල් පූජාව 29දා

Posted On Monday, 24 July 2017 07:58

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවය 29දා පස්වරු 3.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ. මෙම අවස්ථාවට සමඟාමීව 29චදා සිට 02දා දක්වා වැසි පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

 
1990 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන මෙම පිංකම මෙවර පැවැත්වෙන්නේ 28වැනි වරට වන අතර ජාතික පිච්ච මල් පූජාව සහභාගිවන බැතිමතුන් වෙත ශාන්ති පදනම විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ද දක්වා ඇති අතර හැකි තරම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
 
ඒ අනුව
 
කණ කර ආභරණ පැළඳගෙන ඒමෙන් වළකින්න
පොලිතින් බෑග් ගෙන ඒමෙන් වළකින්න
තැනින් තැන කුණු කසල නොදමා අපද්‍රව්‍ය එකතුකරන ස්ථානවලට පමණක් කුණු කසල දමන්න
වැව්වල ජලස්නානය කිරීමෙන් වළකින්න
පිච්ච මල් භාරගන්නා කාර්යාලය රුවන්මැලි මහා සෑය ඉදිරිපිට පිහිටා ඇත
අතරමංවූවන් රඳවන කාර්යාලය රුවන්මැලි මහා සෑය ඉදිරිපිට පිහිටා ඇත
කුඩා දරුවන් පැමිණෙන්නේ නම් ඔවුන් මගහැරී නොයන්නට වගබලාගන්නා ලෙසත් කුඩා දරුවන්ගේ සාක්කුවේ ඔබගේ දුර ඇමතුම් අංකය ලියා කොළයක් බහාලන්න
 
යන කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
 
මෙවර සැදැහැවතුන්ගේ ගමන් පහසුව පිණිස 28 සහ 30දිනවලදී විශේෂ බස්රථ හා දුම්රිය සේවාවන් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.