Friday, 29 March 2024

කල්ගිය විභාග පැවැත්වීමට දිනය නියම වෙයි

Posted On Wednesday, 14 June 2017 05:54

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග නැවත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව  විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.


ඒ අනුව එම විභාග පහත දිනයන්හීදී පැවැත්වෙන බැවින් සියලුම අයදුම්කරුවන් අදාළ දිනයන්හීදී එම විභාග සඳහා පෙනී සිටීමට කටයුතු කරන ලෙස  ඒ මහතා දන්වා සිටින අතර එම දිනයන් පහත සඳහන් වේ.


2017 ජුලි මස 09 දින

1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය-2016(2017)

2017 ජුලි මස 22 දින

2. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය- 2016(2017)
සහභාගි වීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව-93952

2017 ජුලි මස 22 දින
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය- 2016(2017)

මෙම විභාග නැවත පැවැත්වෙන දිනයන් සඳහා අදාළ නව  විභාග ප්‍රවේශපත්‍ර ඉදිරි දිනයන්හීදී නිකුත් කරනු ලබන අතර මේ සම්බන්ධයෙන්  යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමේ පහසුකම් සලසා ඇත.

දුරකථන අංක     -  0112785230 / 0112777075

ක්ෂණික ඇමතුම්     -  1911 (පැය 24 පුරා)