Friday, 19 April 2024

ආපදා හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටීම දැනුම්දීමට නව අංකයක්

Posted On Tuesday, 30 May 2017 05:31

ඇතිවී තිබෙන ආපදාව හේතුවෙන් සිදු වූ විදුලි බිඳවැටීම පිළිබදව දැනුම්දීම සදහා නව දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බවත්, විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


අමාත්‍යවරයා මේබව ප‍්‍රකාශ කලේ රුවන්වැල්ල පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ ඊයේ (29) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව විදුලිබිද වැටීම් පිළිබද දැනුම් දීමට 1987 (ලංකා විදුලිබල මණ්ඩලය), 1910 (විදුලි පුද්ගලික සමාගම) හා 1901 (විදුලිබල අමාත්‍යංශය) යන අංක මේ සඳහා අලුතින් හඳුන්වාදී තිබේ.

ගංවතුර ආපදා හේතුවෙන් මේවන විටත් 336,000කට පමණ විදුලිය ලබාදීම අත්හිටුවා ඇති බවත් වර්ෂාවට පෙර ප‍්‍රධාන ජලාශවල 27‍% වූ සමස්ත ධාරිතාව මේවන විට 33‍% දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය. ඒ අනුව ප‍්‍රධාන ජලාශ කිසිවක් වාන්දමන තත්ත්වයට පත්වී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.