Saturday, 20 April 2024

වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක්

Posted On Thursday, 16 March 2017 08:20

ඉදිරි දිනවලදී පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව, තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,සෙසු ප්‍රදේශවලද ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව පවසයි.

දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.