Friday, 19 April 2024

දිස්ත්‍රික්ක කීපයකට ගිගුරුම් සහිත වැසි

Posted On Thursday, 12 September 2019 07:52

නැගෙනහිර, ඌව,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ක පමණ තද වර්ෂාපතනයන්අපේක්ෂා කළ හැක.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද අද (12) නිකුත් කළ නිවේදනයේසඳහන් වෙයි.