Friday, 29 March 2024

උතුරු දුම්රිය මාර්ගයේ නව ශිඝ්‍රගාමි දුම්රිය දෙකක් අද සිට එක්වෙයි

Posted On Thursday, 05 September 2019 09:56

උතුරු දුම්රිය මාර්ගයේ නව ශිඝ්‍රගාමි දුම්රිය දෙකක් අද(05) සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



නව බලවේග කට්ටල් දෙකකින් මෙසේ ධාවනයට එක් කර තිබේ. අංක 4003 දරන ''ශ්‍රි දේවි දුම්රිය '' ලෙස නම් කර ඇති නව ශිඝ්‍රගාමි දුම්රිය අද ප.ව 3.45ට කොළඔ කොටුවේ සිට ගමන අරඹන බවත් එය අද ප.ව 7.15 ට ට අනුරාධපුරය දුම්රිය ස්ථානයට ද රාත්‍රි 10.00ට යාපනය දුම්රිය ස්ථානයට ද,රාත්‍රි 10.16ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ද ළඟා විමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.


මෙම ''ශ්‍රි දේවි දුම්රිය''අද සිට දිනපතා ප.ව 03.45 ට කන්කසන්තුරයෙන් කොළඔ කොටුව බලා පිටත්විමට නිමිතය.එය ප.ව 4.00ට යාපනය ස්ථානයට ද, ප.ව 6.45 අනුරාධපුරය දුම්රිය ස්ථානය ද,රාත්‍රි 10.24 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයට ද ළඟා වනු ඇත.
එසේ ම අද සිට අලුතෙන් ධාවනයට එක් වන අංක 4032 දරන අනෙක් දුම්රිය කන්කසනතුරේ දුම්රිය ස්ථානයෙන් ප.ව 01.15 ට පිටත්වනු ඇත.එම දුම්රිය එදින ප.ව 1.32 ට යාපනේ දුම්රිය ස්ථානයට ද,ප.ව 04.27 ට අනුරාධපුර ස්ථානයට ද ළඟා වි රාත්‍රි 8.00ට කොටුව දුම්රිය ස්ථානයට පැමිණිමට නියමිතය.එය රාත්‍රි 8.31 ට ගල්කිස්ස දුම්රිය ස්ථානය ස්ථානයට ළඟාවිමෙන් පසු ගමන් වාරය නිමා වේ.