Friday, 19 April 2024

පාසල් නිවාඩු සමයේ බදුල්ලට විශේෂ දුම්රිය සේවයක් අද සිට

Posted On Thursday, 08 August 2019 05:13

පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මගීන් සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද (අගෝස්තු 08දා) සිට ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී රංජිත් පත්මලාල් මහතා පවසයි.



 මෙම විශේෂ දුම්රිය අගෝස්තු 08, 09, 10, 11, 12, 13 සහ 14 යන දින වල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.20ට පිටත්වී අළුයම 4.43ට බදුල්ල දුම්රිය ස්ථානයට ළගාවනු ඇත.

එසේම අගෝස්තු 9, 10, 11, 12, 13 සහ 14 දින වල රාත්‍රී 08.00 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වන එම දුම්රිය අළුයම 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවද නියෝජ්‍ය වාණිජ අධිකාරිවරයා පවසයි.