Tuesday, 23 April 2024

උපාධිධාරින් 16,800 ක් අභ්‍යාසලාභි පුහුණු නිලධාරින් ලෙස බඳවා ගැනේ

Posted On Monday, 29 July 2019 08:14

රැකියා විරහිත උපාධිධාරින් 16,800 ක් අභ්‍යාසලාභින් පුහුණු නිලධාරින් ලෙස බඳවා ගැනිමේ පත්විම් ප්‍රදානය හෙට (30) දින පෙ.ව 11.30 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි සිදු කිරිමට නියමිතය.



ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු නැවත පදිංචි කිරිමේ හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය  කරයි.

මේ අනූව ප්‍රථමයෙන් 2012 රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධි ලබාගෙන ඇති උපාධිධාරීන්ද අනතුරුව 2013 සිට 2016 දක්වා වර්ෂ වල උපාධිධාරීන් අනුපිළිවෙලින් බඳවා ගැනීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කොට තිබූ යෝජනාවේ සඳහන් කර ඇත.