Friday, 29 March 2024

බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පිළිබඳ සිදු කළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට- හදිසි නීතිය යටතේ ආයතනය පවරා ගන්න- මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ

Posted On Friday, 21 June 2019 05:53

පරීක්ෂණ අවසන් වන තෙක් බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස

ඉල්ලා සිටින බව අධ්‍යාපන,මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍ රීමහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (21) බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පිළිබඳව සිදු කළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

මේ පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහ නිගමන ඇතුළත් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බැවින් මේ පිළිබඳව විමර්ශනය කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා,මෙම ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බව සඳහන් කළ අතර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මේ පිළිබඳව විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා සිටි අතර ඒ සඳහා විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය