Thursday, 25 April 2024

පොසොන් සතිය අද සිට ක්‍රියාත්මකයි

Posted On Wednesday, 12 June 2019 05:02

ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.



මෙවර පොසොන් තේමා පාඨය ලෙස ''සබ්බේ තසන්ථි දන්ඩස්ස'' යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන් ම ජූනි 1 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර ඇත. තවද සියලු සුරා සැල් හා මස්කඩ වසා දැමීමට තීරණය කර තිබේ.