Thursday, 18 April 2024

සියලු ම පාසල්වල ආපන ශාලා මේ මාසය තුළ දී පරික්ෂාවට

Posted On Friday, 31 May 2019 06:18

ශ්‍රී ලංකාවේ සියලු ම පාසල්වල පවතින ආපන ශාලා මේ මාසය තුළ දි පරික්ෂාවට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මෙනෙවිය පවසයි.



ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් සංවිධානය කරනු ලැබු මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (30)දින එක්වෙමින් අධ්‍යක්ෂකවරිය මෙසේ පැවසුවාය.

ඒඅනුව, පාසල් ආපනශාලා වර්ගිකරණය A සහB ලෙසින් වර්ග කරන අතර එමෙන් ම පාසල් ආපන ශාලාවන් සඳහා ආහාර වට්ටෝරු ලබා දිමට තිරණය කර ඇති බව ඇය පැවසුවාය.ඒ අනුව දරුවාට පෝෂ්‍යදායි ආහාරක් දිමට නොගැකි අවස්ථාවක දි පාසලේ ආපන ශාලාවෙන් එය ලබා ගත හැකි අධ්‍යක්ෂකවරිය පෙන්වා දුන්නාය.

රටේ ජනගහනයෙන් 1/5 පමණ සිටින්නේ පාසල් දරුවන්.ඔවුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජය මිලියන 8000ක්  වෙන් කරලා තියෙනවා. කෙසේ වුවද පාසල් ළමුන්ගෙන් උදැසන සමබල ආහාර වේලක් ලබා ගෙන පාසලට  පැමිණෙන්නේ පාසල් ළමුන්ගෙන් 28%ක් පමණයි. දරුවන්ගේ විෂයන් හි ලකුණු පිළිබඳව දෙමාපියන් සැළකිලිමත් වන්නාසේම දරුවාගේ ශරිර ස්කන්ධතා දර්ශකය  පිළිබඳව ද දෙමාපියන් සැළකිලිමත් විය යුතු බව පැවසීය.

ස්ථුලභාවය වර්තමාන දරුවන් අතර වඩා සිග්‍රයන් පැතිර යන බෝ නොව රෝගයක් බව හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අදහස් දක්වමින්  පැවසිය.මිට වසර 10 කට පෙර තිබු තත්ත්වයට වඩා වැඩි විමක් දක්නට ලැබෙන බව ඒ මහතා පෙන්ව දෙයි.මේ  වෙනුවෙන් අපි නිසි ක්‍රියා මාර්ග ගත යුතුය.

එමෙන් ම මෙහිදි අදහස් දැක් වු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,ප්‍රජාවෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා මහත්මිය  පැවසුවේ, මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩ නැඟිය යුතු බවයි.

2016 දත්ත අනුව අවුරුදු 05 අඩු දරුවන් ගෙන් මිලියන 41 ක් ස්ථුල තාවයෙන් පොළන බව මෙම වැඩසටහනේ  අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලක්මිණි මුණසිංහ මහත්මිය  පැවසුවාය.