Thursday, 25 April 2024

රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහන 23 ඇරඹෙයි

Posted On Wednesday, 22 May 2019 09:46

රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ ජනතා සේවා වැඩසටහන පිළිබඳ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී 23 වෙනි දින පෙ.ව. 9.00ට පැවැත්වේ.



දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන පොදු ගැටළුවලට රජයෙන් සහන සැපැයීම අරමුණු කරගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහම ආවරණය වන පරිදි ජංගම සේවාවන් ක්‍රියාත්මක කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

මෙම වැඩසටහනේදී ගොඩනැගිලි, මාර්ග, වාරිමාර්ග, වැව්, ක්‍රීඩා පිටි, අලිවැට, සතිපොල ආදි විවිධ ඉදිකිරිම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම, ඉඩම් අයිතිය තහවුරු කිරිමට අදාල ගැටළු විසදීම, ස්වයං රැකියා සදහා උපකරණ හා ආධාර ලබාදීම, ව්‍යාපාරික ණය යන්ත්‍රෝපකරණ ණය, වාහන ණය ඇතුළු ණය පහසුකම් සැපැයීම, සමෘද්ධී, වකුගඩු හා වැඩිහිටි දීමනා ආදිය ලබාදීම, සායන පැවැත්වීම, ආගමික ස්ථාන සදහා ආධාර ලබාදීම, පොදු ස්ථාන සංවර්ධනය කිරීම, නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාගිත්වයෙන් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතය. ස්වදේශ කයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 23 වෙනි දින එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවත්වෙන සාකච්ඡාවේදී ගම් මට්ටමින් වැඩසටහන් සකස් කරගැනිම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරිමට නියමිතය.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන් හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්.එම් . ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය .