Thursday, 28 March 2024

රට තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු නොකරන්න- නාවික හමුදාපති

Posted On Thursday, 16 May 2019 09:21

රට තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු නොකරන ලෙස ජනතාවගෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉල්ලා සිටියි.



මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නාවික හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

රටේ නීතිය හ සාමය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව උපරිම දායකත්වය ලබාදෙනු  ලබනවා. සාමකාමීව කලබලකාරී තත්ත්වයන් ඇති නොකර රට තුල ජීවත් වන ලෙස මම ඉල්ලා සිටිනවා. යම්කිසි පුද්ගලයකු හෝ කණ්ඩයමක් වැරදි හෝ ප්‍රකෝපකාරී අඳහස් පතුරුවන්නේ නම්,හෝ තවත් පුද්ගලයකු  හෝ කණ්ඩයමක් උසිගන්වන්නේ නම් හෝ නීතිවිරෝධී ලෙස කණ්ඩායම් ගැසී යම්කිසි අනතුරක් සිදු කිරීමට  සූදානම් වන්නේ නම් හෝ ජනකොටසකට හෝ දේපළකට යම්කිසි හානියක් සිදු කරන්නේ නම් ත්‍රිවිධ හමුදාවත්,පොලීසියත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා.

පවතින සාමය කඩවන අයුරින් සහ නීතිවිරෝධී ලෙස හැසිරීම තුළින් දැනට ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් කරගෙන යන්නා වූ මෙහෙයුම් සහ පර්යේෂණ කටයුතුවලට බාධාවන් පමිණෙනවා. මෙවැනි ආකාරයේ නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු නොකරන ලෙස නාවික හමුදාපතිවරයා  ජනතාවගෙන් ඉලා සිටියේ ය.