Friday, 29 March 2024

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කරයි

Posted On Tuesday, 02 April 2019 05:40

පොලිස් මත්ද්‍රව්‍ය කාංර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් වු මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 769යි ග්රෑම් 464 විනාශ කිරිමේ කටයුතු අද (01) දින ගෝනවල පිහිටි කැළණිය දි සිදුවිය.



මෙම අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධික්ෂණයට ද ලක්විය.

2016 පෙබරවාරි මාසයේ ඔරුගොඩවත්තේදි අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝග්රෑම් 301යි ගැරෑම් 235ක් කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝගැරෑම් 31යි ගැරෑම් 844 සහ 2016 නොවැම්බර් මාසයේ ඔරුගොඩවත්ත දී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ ග්රැම් 219 ක් යන 2017 ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ ග්රෑම් 216 ග්රෑම් 435 මෙසේ විනාශ කරන ලදි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වලට ක්‍රමක් සිදු කරන්නේ දැයි අසන පැනයට විසඳුමක් ලෙස ජනපතිගේ උපදෙස් පරිදි මෙම විනාශ කිරිම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසිය.

අධිකරණ ක්‍රියාවලිය අවසන් විමෙන් පසුවඅත්තර්ජාතික ප්‍රමිථි යට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරිමට සිදු වන අතර Insee Ecocycle නම් ආයතනය විසින් මෙම ස්ථානයේ දි මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත් කල අතර පුත්තලමේ පිහිටිInsee cement නම් අයාතනයේ දි මෙම මත්ද්‍රව්‍ය තොගය දහනය කර විනාශ කිරිමට නියමිතය.

කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලංකා ජයරත්න මෙනෙවිය ගේ අධික්ෂණය යටතේ මෙම ක්‍රියාවලිය සිදු වු අතර රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගිවුහ.