Thursday, 25 April 2024

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදකී

Posted On Monday, 18 March 2019 04:45

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.



යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීම,කාර්යක්ෂම පෞද්ගලික හා රාජ්‍ය සේවයක් බිහි කිරීම,යුක්තිය හා නීතිය සැමට සාධාරණව පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අරමුණින් මෙම ජාතික සැලැස්ම සම්පාදනය කොට ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය, සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ සියලු නිලධරීහු, සියලු පාර්ශව ආවරණය වන පරිදි මහජන අඳහස් ලබාගෙන මෙම ජාතික සැලැස්ම සකස් කරනු ලබූ අතර මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ප්‍රධන උපාය මාර්ග වශයෙන් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම,විමර්ශනය ශක්තිමත් කිරීම සඳහා නව නීති හා ප්‍රතිපත්ති හඳුන්වදීම යන කරුණු මෙහිදී හඳුනාගෙන ඇත.