Friday, 29 March 2024

ලෝක සමාජ වැඩ දිනය සැමරීමට පා ගමනක් 18 දා

Posted On Friday, 15 March 2019 09:06

2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 18 දා පෙ.ව. 9.00 ට කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාගමන සඳහා සමාජ වැඩ ශිෂ්‍යයන්, ආදි විද්‍යාර්ථයින් සහ වෘත්තිය සමාජ වැඩකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අනුමත උපාධි පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ආයතනයකි. සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති, ශාස්ත්‍රවේදී හා ඩිප්ලෝමා පාඨමාලාවන් පවත්වා ගෙන යනු ලබන මෙම ආයතනය වෘත්තීය සමාජ වැඩකරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව ලබාදෙනු ලබන එකම ආයතනය ද වෙයි.