Friday, 19 April 2024

පොල් සංවර්ධන අධිකාරියෙන් අලෙවි කුටියක්

Posted On Thursday, 07 March 2019 07:21

ජනතාවට ඉහළ ගුණාත්මක බවින් යුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් අද (07) දින උදෑසන 9.00 ට නාරාහේන්පිට, නාවල පාර, අංක 54 යන ස්ථානයේ “කප්රුක ඉසුරු සැල” විවෘත කෙරේ.



දේශීය කර්මාන්තකරුවා දිරිගන්වමින් වෙළඳපොල අවස්ථා හඳුන්වාදීම, පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පොල් සංවර්ධන අධිකාරිය මෙම අලෙවි සල විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.

පොල් සංවර්ධන අධිකාරියේ අලෙවි කුටියෙන් පොල් කිරි, පොල් ක්‍රීම්, වැනි ඕනෑම පොල් ආශ්‍රීත නිෂ්පාදනයක් මෙහිදී ලබා ගැනීමේ හැකියාව ඇති අතර වෙළඳපොලෙහි පවතින පොල් තෙල් මාෆියාවට හසු නොවී ඉතා උසස් තත්ත්වයේ පවතින පොල් තෙල් සහන මිළට මෙයින් ලබාගත හැක.

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ මූලික ඉලක්කය අපනයන වෙළඳපොල නිසා අපනයන වොළඳපොල දක්වා යන දේශීය නිෂ්පාදන පිළිබඳ දේශීය පාරිභෝගිකයා තුළ අවබෝධයක් නොමැති අතර මිළදී ගැනීමට ඇති අවස්ථා අඩුය. නමුත් මෙම අලෙවි සැල හරහා ලෝක වෙළඳපොල ජයගත් ඉහළ ඉල්ලුමක් ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීය පාරිභෝගිකයාට මිළදී ගැනීමට ඉඩකඩ සැලසෙයි. මෙම අළෙවිසැල තුළ වෙන් කළ අංශ හරහා ආයතනයේ සියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පාරිභෝගිකයාට සළසා දී ඇත.