Wednesday, 24 April 2024

නව පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන්

Posted On Thursday, 20 December 2018 06:56

පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2019 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර 2018 දෙසැම්බර් 30, 31 යන දිනයන්හි දී දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ අදාළ පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මේ වනවිටත් සියලු විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 මෙම ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා පාසල් සිසුන් හා දෙමව්පියන් මෙන් ම විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලු පාර්ශවකරුවන් ද අධ්‍යාපන ආයතනවල නිලධාරීන් ද දායකත්වය ලබා දෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි