Thursday, 25 April 2024

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ- ආහාර පරිහරණ ආයතන පරික්ෂාවට

Posted On Monday, 10 December 2018 08:44

''ආහාර සුරක්ෂිතව පිළිගනිමු.අත් ආවරණය හෝ සුදුසු උපකරණ භාවිතා කරමු''යන මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් 2018 දෙසැම්බර් 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


මේ වෙනුවෙන් අද (10) දින අංක 731,මරදාන පාර, කොළඔ 10 ප්‍රධාන මාර්ගය අසළ විශේෂ එළිමහන් වේදිකාවේ දී සමාරම්භක උත්සවය පැවැත්වෙයි.

ප්‍රධාන ආහාර බලධාරියා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, වෘත්තීය සහ පාරිසරික සෞඛ්‍ය,මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් , වසංගත රෝග විද‍්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන ,කොළඔ මහ නගර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ආහාර සෞඛ්‍ය පිළිබඳ වගකිව යුතු සියළු නිලධාරින් හා ආහාර පරිහරණ ආයතන හා සම්බන්ධ වෘත්තිය සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වෙයි.
මෙම උත්සවයෙන් අනතුරුව මරදන නගරය ආවරණය වන පදි ආහර පරිහරණ ආයතන පරික්ෂා කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.