Monday, 10 December 2018

අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ.

Posted On Friday, 30 November 2018 08:53

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.


ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම් පැළ 85,000ක් මෙම කලාපය තුළ වගා කෙරේ.බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 500ක්, මැදගම අක්කර 200ක්, මඩුල්ල අක්කර 500ක්, සියඹලාණ්ඩුව අක්කර 500ක් සහ මොනරාගල අක්කර 500ක් වශයෙන් අක්කර 2,200ක පැණි දොඩම් වගා කරන අතර පළමු වසර තුළ අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 15කි.අක්කරයක පැණි දොඩම් පැළ 200ක් වගා කෙරෙන අතර සමස්ත අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන දැනටමත් ඉදිරිපත් වී ඇත.

මෙම පැණි දොඩම් කලාපය ස්ථාපිත කිරීමේ කටයුතු ලබන සඳුදා එනම් , 2018.12.03 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.මෙම කලාපය තුළ වගා කෙරෙන සමස්ත පැණි දොඩම් අස්වැන්න අපනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසු අස්වනු තාක්ෂණික ආයතනයට උපදෙස් දී ඇත.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පැණි දොඩම් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බිබිල ප්‍රදේශයේ පසු කාලීනව දොඩම් වගාවෙන් ගොවීහු ඈත් වූහ. Bibile sweets නැමැති දොඩම් ප්‍රභේදය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි වූවත්, එහි රසය වෙනස් වේ.එම ප්‍රභේදයට උචිතම ප්‍රදේශය වන්නේ බිබිල ප්‍රදේශයයි.එමනිසා වාර්ෂිකව දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2017 වසරේදී අප රටට දොඩම් ආනයනය සඳහා වැය වූ මුදල රු.මි.2766කි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!