Thursday, 18 April 2024

අධික වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි

Posted On Thursday, 08 November 2018 05:27

කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට සිදු වූ බව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ වික්ටෝරියා ජලාශයේ සහකාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා පවසයි.


වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව වන්නේ ඝන මීටර් 822කි. ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 8කි. තව දුරටත් වැසි ඇති වුවහොත් ඉතිරි වාන් දොරටු දෙකද විවෘත කිරීම සිදුවන බව ඒකනායක මහතා වැඩි දුරටත් පවසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් පිළිබදව වික්ටෝරියා ජලාශය අවට පදිංචිකරුවන්ට මහනුවර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය හරහා අවශ්‍ය පූර්ව දැනුම්දීම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
අයහපත් කාලගුණික තත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් දාහතරක පුද්ගලයන් 74 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

ඔවුන්ගෙන් පවුල් හතරක පුද්ගලයන් 24 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.