Saturday, 20 April 2024

ජන මහිමය අද කොළඹට

Posted On Monday, 05 November 2018 06:20

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.


නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අද (05) දහවල් 12.00න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.