Friday, 29 March 2024

ලංකාවේ කාන්තාවන් විදේශීය ගෘහ සේවයට යැවිම අවම කළ යුතුයි - ජේෂ්ඨ කථීකාචාරිය ශාන්ත වන්නිනායක

Posted On Monday, 29 October 2018 06:06

ලංකාවේ කාන්තාවන් විදේශීය ගෘහ සේවයට යැවිම අවම කළ යුතුයි - ජේෂ්ඨ කථීකාචාරිය ශාන්ත වන්නිනායක


කාන්තාවන් වැඩි වශයෙන් විදේශ ගත වන්නේ ගෘහ සේවය ආශ්‍රිත රැකියාවලට බවත් ඔවුන් කායික,මානසික, හා ලිංගික හිංසනවල ගොදුරුවිමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බැවින් ලංකාවේ කාන්තාවන් ගෘහ සේවය ආශ්‍රිත රැකියාවලට විදේශ ගත විම සීමා කළ යුතු බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථීකාචාර්ය ශාන්ත වන්නිනායක මහතා පවසයි.


ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ  (26) දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විදේශ සේවා නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනහකට සහභාගි වූ අවස්ථාවේ දීය.

කාන්තාවන් විදේශ ගත වන්නේ දුප්පත්කම පදනම් කරගත් ජීවන රටා තුළ ජීවත් විම නිසා බවත් ඔවුන්ගේ නිවාස අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යපන කටයුතු,ණය බරින් මිදීම වැනි කාරණා හමුවේ මුදල් ඉපයිමේ මාර්ගක් ලෙස විදේශ ගත විමට පුරු වි සිටින බව ඔවු වැඩි දුරත් පවසයි. ලංකාවේ අන්ත දූගි බවින් පෙළන 23% ක් සිටි බවත් ඔවුන්ට විදේශ ගත විමට කොහෙත්ම හැකියාවක් නොමැති බවත් පැවසු වන්නිනායක මහතා මධ්‍යම ප්‍රමාණයේ දුගී බවින් පෙළෙන 77% ක ජනගහනය විදේශ රැකියා සඳහා යාමේ ප්‍රවණතාය වැඩි වී ඇති බවද ඔවු පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ශාන්ත වන්නිනායක මහතා කියා සිටියේ විදේගත වන කාන්නාවන් විදේශ ගත විම තුළින් දුගි බවින් අත් මිදිමට තරම් ශක්තියක් නොමැති බවයි. ඔවුනට අවශ්‍ය උපදේශනයන්, මුදල් පරිහණය පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ පසුවිමරම් සේවාවක් විදේශ සේවා නිලධාරින් විසින් සිදු කළ යුතු බවද පැවසීය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුත්ති කාර්යාංයේ ජේෂ්ඨ කළමාණකාර ප්‍රියංගනී මහත්මිය සම්බන්ධීකරණ නිලධාරි සමීර පුෂ්ප කුමාර සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්ත විදේශ කටයුතු නිලධාරින් සහභාගි විය .