Wednesday, 24 April 2024

පාතාලය මර්ධනය කරන එක සමහර අයට ප්‍රශ්නයක්- ඇමැතිනි තලතා අතුකෝරළ

Posted On Wednesday, 03 October 2018 04:09

රුපියල අව ප්‍රමාණය වීම ගැන මේ රටේ ජනතාවට බොරු රූපයක් මවා පෙන්වීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.


අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, බලංගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

සමහරු කියනවා, මේ රට වළ පල්ලට ඇදගෙන ගියා කියලා. නැවත භාර දුන්නොත් රුපියලේ අගය ශක්තිමත් කරනවා කියනවා.අපි දැක්කා ඒ අය කොහොමද කළේ කියලා.

 එහිදී අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද පැවසී ය.


අඩු තරමේ අධිකරණයෙන් දීපු නියෝගයටවත් පෙට‍්‍රල් මිල අඩු කොකළ අය අද නිරන්තරයෙන් මේ වගේ කතා කියනවා.ඉතින් අපිට කියන්න තියෙන්නේඅපේ රජය අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා පවුල් බලය ආරක්ෂා කරන්න පවුල් බලය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නෑ.

පසුගිය කාලය පුරාම මේ රටේ දුප්පත්කම පවත්වාගෙන යන්න කටයුතු කරපු උදවියට එරෙහිව අද විශාල පෙරලියක් ඇති කරමින් හැම කෙනා ම සවිබල ගන්වන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බලලා අඩු තරමේ කලාපයේ රුපියල අවප්‍රමාණය වීමේදී අපේ රට කොහෙද ඉන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය,බංගලාදේශය දිහා බැලුවත් ඒ විතරක් නෙමෙයි සංවර්ධිත රටවල් ගණනාවක පවා මුදල අවප්‍රමාණය වී තිබෙනවා.

මෙය පාලනය කරන්න අනිවාර්යයෙන්ම අපිට රටක් ලෙස ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා.පාතාල ක්‍රියාකාරකම් මැඩපවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට සමහර අයට හිස ඔසවනවා වගේ පේනවා.අද ඕනෑම කෙනෙකුට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්. පාතාලයමර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය භාර අරගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක මර්ධනය කිරීමේදී සමහර අයට ප්‍රශ්න ඇතිවෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.