Thursday, 25 April 2024

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

Posted On Tuesday, 18 September 2018 09:51

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර ඇත. පොලිස්පතිවරයාගේ  සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.


පොලිස්පතිතුමාගේ උපදෙස් මත කැලණිය, ගම්පහ සහ මීගමුව පොලිස් කොට්ඨාස වලට අදාළව මුලින්ම ආරම්භ කළ කෙලින්ම කියන්න ව්‍යපෘතියේ  සාර්ථක බව සැලකිල්ලට ගනිමින් එහි දෙවන අදියර ලෙස අද දින මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ආරම්භ වේ.

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසය සමග අත්වැල් බැඳගන්නා ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබේ.

පහත සඳහන් දුකථන අංක ඔස්සේ මහජනතාවට කිසිඳු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය ද සුරැකෙමින් විෂ මත්දුව්‍ය පිළිබඳව තොරතුරු ලබා දිය හැකිය.

011 -3024803

011 -3024815

011 -3024820

011 -3024848

011 -3024850

ෆැක්ස් අංක

011 -2472757