Thursday, 25 April 2024

සියදිවි නසා ගැනීම් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය අද

Posted On Wednesday, 12 September 2018 06:07

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණය අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය, අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) මනෝ වෛද්‍ය විශේෂඥ, ප්‍රභාත් වික්‍රම මහතා,මනෝ වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය තිලිණි රාජපක්ෂ මහත්මිය,ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය මාධව ගුණසේකර මහතා සහභාගී වීමට නියමිතය.