Thursday, 25 April 2024

මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද කොළඹදී

Posted On Monday, 10 September 2018 04:18

ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (10) පස්වරු 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මෙය සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 කට පසු ක්‍රියාත්මක කිරීමට වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල මේ වන විට අඩු කර ඇත. තව ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් සමග ගිවිසුම් 46 ක් අත්සන් කර තිබේ. ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03 ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය බිලියන 2 සිට බිලියන 04 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඒ සදහා ඉදිකරන ලද නව කර්මාන්ත ශාලාව ලබන මාසයේ දී විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

තවද ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ සමාගම ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරයි. මේ වනවිට ශාඛා 39 ක් සහ නියෝජිත ඔසුසැල් 102 ක් ක්‍රියාත්මකය. අද(10) දින පැවැත්වෙන සේනක බිබිලේ ගුණසමරු උත්සවයේ දී අනෙකුත් ඖෂධ මිල අඩු කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.