Friday, 29 March 2024

බස් වර්ජනයට මුහුණ දෙන්න ලංගමයෙන් අතිරේක බස්රථ

Posted On Thursday, 16 August 2018 05:00

පෞද්ගලික බස් සේවක වර්ජනය නිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ට ගමන් පහසුව සැලැසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
 


පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇති වුණොත් ඊට මුහුණ දිම සඳහා පෙරේදා (14) සිට ම මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරුවන් දැනුම්වත් කොට අවශ්‍ය විධිවිධාන යෙදු බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා රජයේ නිල පුවත් අඩවියට අද (16) උදෑසන පැවැසීය.
 
 ''කළුතර,ගාල්ල හා මාතර ප්‍රදේශවල පෞද්ගලික බස් රථ යම් ප්‍රමාණයකට අඩු වී තිබෙන බව වාර්තා වුණා.ඒ ප්‍රදේශ වල ගමනාගමන කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට අතිරේක ලංගම බස්රථ යෙදවිමට දැනටමත් පියවර ගෙන තිබෙනවා'' යයිද
සභාපතිවරයා කිය.
 
යම් ප්‍රදේශයක බස්රථ ධාවනයේ අඩුවක් වාර්තා වු වහාම ලංගම බස් එම ප්‍රදේශවල ධාවනයට යොදන ලෙසට උපදෙස් දුන් බව ද රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර,ගාල්ල සිට කොළඹ දක්වා ධාවනයට අද (16) ලංගම බස්රථ වැඩි සංඛ්‍යාවක් යෙද වු බව ද රමාල් සිරිවර්ධන මහතා තවදුරටත් කිය.