Thursday, 18 April 2024

ඉදිරි දිනවලදී සුළගේ වේගය වැඩි වෙයි

Posted On Monday, 06 August 2018 07:59

ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 


මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන සුළගේ වේගය පැ.කි.මී. 50ක් දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැකිය.
 
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.