Friday, 29 March 2024

තරමක් තද සුළං-පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

Posted On Tuesday, 31 July 2018 05:32

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කකවල සිහින් වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, හම්බන්තොට, මොණරාගල, අම්පාර,මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds)  ඇතිවිය හැකි බවද ප්‍රකාශ කරයි.