Tuesday, 23 April 2024

වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර ලබාදෙන්න- අධ්‍යාපන ලේකම්

Posted On Monday, 23 July 2018 09:11

වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා මේ වනවිටත් උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


ඒ පාසල් වාර විභාග අවසන් වීමෙන් අනතුරුව අදාළ ප්‍රතිඵල ලබාදීම පාසල් නිවාඩුවෙන් පසු සිදු කිරීම සහ ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාධනීය තත්ත්වයන් සහ ප්‍රගතිය මැන ගැනීමට මාපියන්ට සහ දරුවන්ට නොහැකි තත්ත්වයක් ඇතැම් පාසල්වල මතුවන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

 

දරුවන්ගේ ප්‍රගති වාර්තා මෙන්ම ශිෂ්‍ය සාධන වාර්තා ආදිය සෑම පාසලකම අදාළ පාසල් වාරය අවසන් කෙරෙන දිනය වනවිට මාපියන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙසයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ.