Friday, 29 March 2024

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 355,326ක්

Posted On Monday, 23 July 2018 08:59

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.


මෙම විභාගය සඳහා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 355,326ක් වන අතර එහි සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 267,770 දෙනෙකු  සහ දෙමළ මාධ්‍ය 87,556 දෙනෙකි.

විභාග මධ්‍යස්ථාන 3,050 මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් වේ.