Friday, 29 March 2024

දිවයින හරහා සහ දිවයින අවට සුළඟේ වේගය වැඩිවීම තවදුරටත්

Posted On Tuesday, 17 July 2018 05:45

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සමහර ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.බස්නාහිර,වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද අද (17) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds)) ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.