Friday, 29 March 2024

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ ජනපති විශේෂ දේශනය අද

Posted On Monday, 16 July 2018 05:44

ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino)  ගුවන් තොටුපොළ වෙත ළඟා විය.


ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. වන සංරක්ෂණය පිළිබඳ ප‍්‍රතිපත්ති ශක්තිමත් කරලීම හා වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙම සමුළුව පුළුල් දායකත්වයක් සපයයි.

ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප‍්‍රධාන ජයග‍්‍රහණ පිළිබඳව එහි සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමි වේ. සමුළුවේ විශේෂ දේශනය ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (16) සිදු කිරීමට නියමිතය.