Saturday, 20 April 2024

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

Posted On Monday, 16 July 2018 05:42

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින කිහිපයක් දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනඅතර සමහර ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
 
වයඹපළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවේ.
 
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැක.